රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයාගේ රාජකාරියට බාධා කරමින් බැණ තර්ජනය කිරීමේ සිද්ධියට  අත්අඩංගුවට ගත් කෙසෙල් ගොවීන්  නව දෙනා අතුරින් රාජාංගනය ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු තිදෙනක් එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, සෙසු සැකකරුවන් 06 දෙනා ඇප මත මුදා හරින ලෙසත් තඹුත්ත‌ේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කලේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රාජාංගනය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු හිටපු මන්ත්‍රී එම්.ඒ නුවන් අජන්ත මුණසිංහ, රාජාංගනය කෙසෙල් අපනයන ව්‍යාපෘතියේ සභාපති ඔ.ඩබ්ලිව් රනිල් සමින්ද, කෙසෙල් ගොවියකු වන පී.ඒ ප්‍රමේෂ් යන අයයි.

ඇප මත මුදා හැරුනේ බී.ඒ ගුණසිරි, ටී මංජු, ඩබ්ලිව්, එම් චන්ද්‍රසිරි, ඩබ්ලිව් ලලිත් ප්‍රසංග ලියනගේ, එස් හේමන්ත ප්‍රසන්න කුමාර, ඩබ්ලිව්.කේ සමිත ඉන්දික වරාගොඩ යන සැකකරුවන් හය දෙනායි.

WhatsApp Group

Skip to content