රාජ්‍ය සහ පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.

ඒ රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතු සන්ධානය කියා සිටියේ ප්‍රධාන විරෝධතාවය බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී සංවිධාන කර ඇති බවත් දිවයිනේ සියලුම රාජ්‍ය ආයතන ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාරය අද(27) දහවල් 12ට සංවිධානය කර ඇති බවයි.

රුපියල් විසි දහසක වැටුප් වැඩි කිරීම, වැඩිකළ දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාගැනීම මෙම වෘත්තීය සමිති එකමුතුව මෙලෙෂ ඉල්ලා සිටින ඉල්ලීම් අතර වනවා.

එසේම මෙම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් නොලැබුණහොත් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවද වෘත්තීය සමිති එකමුතු සන්ධානය වැඩිදුරටත් පවසනවා.

WhatsApp Group

Skip to content