බලුකිස්ථානයේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුපෙන් අඩක් කපා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

පාකිස්ථාන මධ්‍ය රජයේ හෝ පළාත් ආණ්ඩුවේ විධිමත් නියෝගයකින් තොරව මෙම මුදල් කපා හැර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

තුර්කියේ භූමි කම්පාවෙන් විපතට පත් වූවන් සහන ලබා දීම සදහා අදාළ වැටුප් කප්පාදුව සිදු කර ඇති බව සදහන්.

කෙසේ වෙතත් පාකිස්ථානය තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක සහ එරට රජයට දැඩි දූෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවකයි මෙම වැටුප් කප්පාදුව සිදු කර තිබෙන්නේ.

මේ අතර යළිත් දකුණු තුර්කියේ මලවියා ප්‍රදේශයේ රික්ටර් මාපක 5.6 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එහිදි එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

WhatsApp Group

Skip to content