අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වැනිදාට පෙර ලබා දෙන බව, මුදල් අමාත්‍යාංශය පවසනවා .

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, අයවැය යෝජනාවට අනුව ඉහළ දැමූ රාජ්‍ය සේවක දීමනාව ද මෙවර වැටුපට එක් කරන බවයි.

ඒ අනුව මෙම මාසයේ රාජ්‍ය සේවක වැටුපට අමතරව එක් වන මුදල, රුපියල් දස දහසක්.

මේ අතර මෙම මාසයට අදාළ විශ්‍රාම වැටුප් ද අප්‍රේල් 10 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව, රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ .

WhatsApp Group

Skip to content