රට පුරා සියලුම රාජ්‍ය සේවකයන් හෙට දැවැන්ත වැඩවර්ජන හා විරෝධතා ක්‍රියාවලියකට සූදානම් බව වෘත්තීය සමිති පවසනවා.

ඒ වැටුපට රුපියල් විසි දහසක් වැඩි කරන ලෙසත්, විශ්‍රාම වැටුප් විෂමතාව වහා විසඳන ලෙසත් ඉල්ලමින්.

ඒ අනුව රට පුරා මුළු රාජ්‍ය සේවයම හෙට පාරට බැසීමට සූදානම් වනවා.

එමෙන්ම ඉදිරියේදී රුපියල් 20,000ක් වැටුපට එක් කරන ලෙස ඉල්ලා පෞද්ගලික අංශය, අර්ධ රාජ්‍ය අංශය ඇතුළු සියලු සේවකයන්ද මෙවැනිම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

මේ අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා සදහන් කලේ වර්ජන තුලින් යලිත් රට අර්බුදයක් කරා ගමන් කරන බවයි .

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/10/SAMAN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content