රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මෙම නව චක්‍ර ලේඛය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව 2023 වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන වියදම් සියයට 6කින් කපා හරින ලෙසටයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

මේ වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ ආදායම රැස්කිරීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති දැඩි දුෂ්කරතා හේතුවෙන් ඇති විය හැකි අහිතකර ප්‍රතිවිපාක අවම කිරීම මෙහි අරමුණ වී තිබෙනවා .

ඒ අනුව රජයේ වියදම් වඩාත් අරපිරිමැසුම්දායි ලෙස භාවිතා කිරීම හා අනවශ්‍ය වියදම් හැකිතාක් අවම කිරීම මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට හේතු වී තිබෙනවා.

වියදම් අවම කිරීම සඳහා හඳුනාගත් ක්‍රමවේද අඩංගු සංශෝධිත වියදම් ඇස්තමේන්තු පෙබරවාරි මස 28 වන දිනට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසටයි මෙම චක්‍රලේඛය මඟින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content