රජයේ විධායක නිලධාරින්ට ලබාදෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ දැමීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

ලබන මස පළමුවනදා සිට නව සංශෝධනය ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් මේ හරහා සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණු බවයි රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව පවසන්නේ.

WhatsApp Group

Skip to content