රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරනය කරන බවට රජය විසින් ප්‍රසිද්ධ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් වෙනම ඒකකයක් පිහිටුවා ඇති බවයි.

ඒ සඳහා පත්කළ නිලධාරින් විසින් මේ පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

අද පැවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ පිලිබඳ සඳහන් කළා.

එහිද වැඩි දුරටත් අදහස් පල කල අමාත්‍යවරයා සඳහන් කලේ රාජ්‍ය ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා භාණ්ඩාගාරය මඟින් මුදල් වැය කිරීමට නොහැකි බවයි.

එබැවින් ඉදිරියේ දී ඇතිවන ආර්ථික තත්ත්වයන්ට මුහුණ දිය හැකි ආකාරයේ රාජ්‍ය ව්‍යාපාර නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/SEHAN-SEMASINGHA-EDIT-1-2.mp3?_=1

WhatsApp Group

Skip to content