රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් බිලියන 2.3 ක ලාභයක් ලබන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

2023 හා 2024 වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් දරුවන්ට ලබා දී ඇති බවත් ඉදිරි වර්ෂයට අදාළ පොත්පත් සදහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ඇණවුම් භාරදී ඇති බවත් ඔහු සදහන් කළා.

අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වී කෙටි කාලයක් තුළ මෙම පියවර ගැනීමට හැකි වූ බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේම්ජයන්ත් මහතා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content