තාවකාලිකව පැවිද්ද සඳහා රාජ්‍ය නිලධාරීන් තායිලන්තය වෙත යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

බුද්ධශාසන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ සඳහා කැමැත්තක් දක්වන නිලධාරීන්ට ඊට ඉල්ලු‍ම් කළ හැකි බවත් සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරාගනු ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා වැයවන සියලු‍ම වියදම් රජය විසින් දරන බව‍ත් ය.

තායිලන්ත රජුගේ ජන්ම දිනය මුලික කරගනිමින් දෙරට අතර පවතින සංස්කෘතික සබඳතා තවත් වැඩි කරගැනීමේ අරමුණින් මෙලෙස රාජ්‍ය නිලධාරීන් තාවකාලික පැවිද්ද සඳහා යොමු කරන බවයි බුද්ධශාසන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content