ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එම ධුරවලින් ඉවත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ලැබි ඇති බලතල මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ,වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාව මෙලෙස රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාව ද රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content