රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් අද පැවැත්වෙනවා .
ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රජයේ ආයතන සදහායි මෙම සම්මාන ප්‍රධානය කිරීමට නියමිතව ඇත්තේ .

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන සඳහා රන් සහ රිදී සම්මාන මෙහිදී ලබා දෙනු ඇති .
එම සම්මාන ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි .

 

WhatsApp Group

Skip to content