පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තිරණය කර තිබෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා .

එමෙන්ම ඔහු කියා සිටියේ පරිසරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කිරීම සදහා කමිටුවක් පත් කිරීමට නියමිත බවයි .

පරිසරය රැක ගැනිමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කාර්ය සාධක බලකායක් ද පත් කිරීමට නියමිත බවත් ඒ අනුව අදාළ වැඩසටහන් සකස් කර එය ක්‍රියාත්මක කිරිම සහ අධීක්ෂණය කිරීම එම කාර්ය සාධක බලකායට පැවරෙන බවත් ඒ මහතා සදහන් කළා .

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා මේ බව කියා සිටියේ වරාය නගරයේ පිහිටි කෘතිම වෙරළ තීරයේ ඊයේ පැවති පවිත්‍රතා වැඩසටහනට එක්වෙමින් .

WhatsApp Group

Skip to content