රාජ්‍ය ආයතන සතු වාහන ධාවනයේදී කිලෝමීටරයක් සඳහා රුපියල් 300ක පමණ වියදමක්ව දැරීමට සිදු වන බව ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

නමුත් එය රුපියල් 100 ක් දක්වා අඩුකළ හැකි බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ දත්ත අනුව මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එම දත්ත අනුව රාජ්‍ය ආයතන සතුව වාහන 82,000ක් පමණ පවතින බව සදහන්.

ඉන් වාහන 76,000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින බවත් වාහන 5,500ක් පමණ ධාවන තත්ත්වයේ නොපවතින බවත් එහිදී අනාවරණ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content