රාජ්‍ය ආයතන තුනක ප්‍රධානීන් එළඹෙන සතියේ දී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා .

ඒ අනුව මෙලෙස එම කාරක සභාව හමුවට කැදවීමට නියමිතව ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ශ්‍රි ලංකා වරාය අධිකාරිය සහ කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව යන ආයතනයි .

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානීන් ලබන මස 5 වැනිදාත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන් ලබන මස 6 වැනිදා සහ කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවේ ප්‍රධානීන් ලබන මස 8 වැනිදා කෝප් කමිටුව හමුවට මෙලෙස කැදවනු ඇති .

මෙම ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විගණන වාර්තා මගින් තොරතුරු අනාවරණය වී තිබීම හේතුවෙන් ඒවායේ ප්‍රධානීන්ගෙන් ඒ පිළිබඳව දීර්ඝව කරුණු විමසීමට මෙහිදී බලාපොරොත්තු වන බවයි කෝප් කමිටුව සඳහන් කලේ .

WhatsApp Group

Skip to content