රාජ්‍ය ආයතන කිහිපයක් මෙම සතියේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා .

ඒ අනුව කෝපා කමිටුව මෙම සතියේ දී දින තුනක් රැස්වීමට නියමිතයි .

එමෙන්ම අද දින අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති අතර හෙට දින කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව ද සඳහන්.

මීට අමතරව එළැඹෙන 20 වනදා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවීමට නියමිතයි .
එම රාජ්‍ය ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාවය සහ මූල්‍ය විනය පිළිබඳව මෙහිදී සොයාබැලීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

WhatsApp Group

Skip to content