මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම හෙට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර එළඹෙන බ්‍රහස්පතින්දා දින සබරගමුව විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා .

මීට අමතරව මෙම සතිය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබෙනව

WhatsApp Group

Skip to content