ඓතිහාසික රාජකීය මඟුල් මඩුව සහ බිසෝ උල්පැන්ගේ විධිමත් පරිදි සන්නස් පත්‍රයකින් ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාට මේ පිළිබද වන දැනුම් දීම කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මල්වතු – අස්ගිරි මහනායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම කටයුතු සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content