රාජකාරියේ නිරතවී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පසුගිය මාස 05ක කාලය තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ අනුව රට තුල නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරී කටයුතුවල නිරතවෙමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ සමස්ථ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 3,157ක් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මේ අතර 160 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය අදට යෙදී තිබෙනවා.

WhatsApp Group

Skip to content