ලිදුල, රහන්වත්ත ප්‍රදේශයේ ලයිම් කාමර පේලියක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ ලිදුල පොලීසිය, ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

ගින්න හේතුවෙන් ලයිම් කාමර 10ක් විනාශ වී තිබෙන අතර, ජීවිත හානි සිදුව නොමැති බවයි පොලීසිය සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලිදුල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content