දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින මත්ද්‍රව්‍ය දහනය කර විනාශ කිරීමට නව නිත්‍යානුකූල විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3000ක් පමණ ඇති බවයි.

අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කලා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විදේශීය රටවල්වල සිටිමින් මෙරටට මත් ද්‍රව්‍ය එවනු ලබන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට ද පියවර ගන්නා බවයි.

https://www.vnews.lk/storage/2023/02/WIJEDASA-RAJAPAKSHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content