ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබලදීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් ඇතුලු තවත් අයෙකුගේ නම් එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර මෙලෙස අසාදු ලේඛනයෙන් නම ඉවත් කර ඇති අනෙක් පුද්ගලයා වන්නේ යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පදිංචි මුරුගේසු ශ්‍රී ශන්මුගරාජායි යන අයයි.

එමිල් කාන්දන් නැමැත්තාට අන්තර්ජාතික පොලිසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණා.

WhatsApp Group

Skip to content