මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීමට රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නැති බවයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ.

එම හේතුවෙන් රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී තිබෙනවා.

එම කරුණු සැලකිල්ලට ගනිමින් රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපතිට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content