එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමු`ඵවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ රාත්‍රියේදී ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.

ඩුබායි හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමු`ඵවට සහභාගි වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 30 වන දින දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස සමු`ඵව ඇමතූ අතර දේශගුණික යුක්ති සංසදයක් සදහා වූ යෝජනාව ද ඉදිරිපත් කරනු ලැබුවා.

දේශගුණික විපර්යාස පිළිබද ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමු`ඵවේදී සිදු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content