එළඹෙන ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහය ලබාදීමට තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ ඇතැම් පාර්ශව ඒ සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බවයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට සුදානමින් පසුවන බවට වාර්තා පළවුණා.

කෙසේවෙතත් රනිල් සහ සජිත් පාර්ශව දෙකම සිරිසේන මහතාගේ සහය අවශ්‍ය නොවන බවට ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා.

WhatsApp Group

Skip to content