අරගලය පැවැති සමයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉංග්‍රීසි ගුරුවරයා ඇපමත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කර තිබෙනවා.

අදාළ නියෝගයේ දැක්වෙන්නේ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත සැකකරු මුදා හරින ලෙසයි.

මෙලෙස ඇපමත මුදා හරින ලද්දේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරයකු බව කියන ජේ.එම්. විමලරත්න නමැති අයෙකි.

එසේම මහේස්ත්‍රාත්වරයා එහිදී ඔහුට අවවාද කරමින් කියා සිටියේ අදාළ පැමිණිල්ල යළි කැඳවන අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

වසරකුත් මාස හතකට පසු අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලද්දේ 2022 ජුලි 9 වනදා එවකට අගමැතිවරයා ලෙසින් කටයුතු කරන ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තබන අවස්ථාවේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම හා අදාළ නිවස සහිත ඉඩමට අයුතු ලෙස ඇතුල්වීම, භාණ්ඩ සොරකම් කිරීම යන සිද්ධීන් මතයි.

අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරිපත් වූ කරුණු පදනම් කර ගනිමින් ඇපමත මුදා හැරුණා.

WhatsApp Group

Skip to content