මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම මාස 6 ක් වැනි කෙටි කාලයක් ඇතුලත නව මැතිවරණ ක්‍රමයට අදාළ කෙටුම්පත සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවද සදහන්.

මේ අතර මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාළව නීති සැකසීම ඇතු`ඵ කරුණු කිහිපයක් මුල්කරගනිමින් පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පිහිටවනු ලැබුවා.

එම නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකි දැයි සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content