ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත අන්දමේ ඉහළ යාමක් පෙන්නුම් කරයි.

කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ඩොලර් 2,141යි ශත 59ක් ඊයේ (05) වාර්තා වූ අතර පසුව ඒ මිල ඩොලර් 2,130ක් ලෙස සමනය විය.

පසුගිය දින 30ක කාලය සැලකූ විට ඩොලර් 100කට ආසන්න ප්‍රමාණයකින් රන් මිල ඉහළ ගොස් ඇති අතර මාස 06ක කාලය සැලකූ විට රන් අවුන්සයක මිල ඩොලර් 200කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

අවුරුද්දක කාලය සැලකූ විට රන් අවුන්සයක මිල ඩොලර් 315කින් පමණ ඉහළ ගොස් තිබේ.

රන් මිල මේ විදිහට කැපී පෙනෙන ලෙස ඉහළ යාමට ගෝලීය භූ දේශපාලනික උණුසුම විශේෂයෙන් බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

WhatsApp Group

Skip to content