රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරීවරයෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසිනුයි අදාළ අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 15 ක සේවා කාළයක නිරතව සිටින මාතර , හක්මණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

ගුවන් මගින් පැමිණි කිසියම් මගියෙකු විසින් අදාළ රන් බිස්කට් තොගය ඔහුට ලබාදී ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඒවා පිටකර දුනහොත් රුපියල් හැටදහසක මුදලක් ලබාදෙන බවට වූ පොරොන්දුවක් මත බව සඳහන්.

WhatsApp Group

Skip to content