චීනයේ පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ යළි දිවයිනට පැමිණ තිබෙනවා.

චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.

ඔවුන් පිළිගැනීම සදහා දෙමව්පියන්, වළල ඒ. රත්නායක විද්‍යාලයේ ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන් සහ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින් විශාල පිරිසක් ගුවන් තොටුපල පරිශ්‍රයට පැමිණ සිටි බවද ඔහු සදහන් කළා.

එහිදි කාන්තා මීටර් 800 රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්න සහ හෙල්ල විසිකිරීමේ තරගයේ රිදී පදක්කම දිනා ගත් නදීෂා දිල්හානි ලේකම්ගේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සදහන් කළේ ඔවුන්ගේ මීළඟ ඉලක්කය එළඹෙන ඔලිම්පික් තරගාවලියට සහභාගිව පදක්කමක් දිනා ගැනීම බවයි.

https://www.vnews.lk/storage/2023/10/THARUSHI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content