Fide World Cadets චෙස් තරගාවලියේ වයස අවුරුදු 12න් පහළ G කාණ්ඩයේ රන් පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන ශිෂ්‍යාව කටුනායක ගුවන් තොටුපොළෙන් අද(28) උදෑසන දිවයිනට පැමිණියා.

තරගාවලිය රටවල් 75ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඊජිප්තුවේදී පසුගිය 14 වනදා සිට 27 වන දින දක්වා පැවැත්වුණා.

ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන කොළඹ මිචෙලි ජාත්‍යන්තර පාසැලේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර චෙස් තරගාවලියක දී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙය වනවා.

ඔසිනි දේවින්ද්‍යා අද(28) උදෑසන 09.05 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා චෙස් සංගමයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක්, ඔසිනි දේවින්ද්‍යා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන් සහ ඇයගේ ඥාතීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි වී නිව්ස් ගුවන් තොටුපොල වාර්තාකරු පවසන්නේ.

WhatsApp Group

Skip to content