නව කැලණි පාලමේ ඇණ මුරිච්චි හා තඹ කම්බි මත්ලෝලීන් විසින් කපා දැමීම හේතුවෙන් එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් මේ වන විට උදාවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කටුනායක අධිවේගී මාර්ගයේද ඇතැම් ස්ථානවලින් තඹ කම්බි කැපීම හේතුවෙන් රුපියල් මිලියන 270ක පමණ පාඩුවක් රජයට සිදුව ඇති බව, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

රුපියල් බිලියන 50ක වියදමින් ඉදි කෙරුණු නව කැලණි පාලම හෙවත් කල්‍යාණි රන් පිවිසුම, 2021 වසරේ නොවැම්බර් 21 වනදා විවෘත කෙරිණි.

කෙසේ වෙතත් පාලම ආශ්‍රිතව ඇති නොයෙකුත් උපාංග, අවට සිටින මත්ලෝලීන් විසින් ගලවාගෙන ගොස් අලෙවි කිරීම හේතුවෙන් මේවන විට එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වය උත්දගත වී තිබේ.

එමෙන්ම කටුනායක, මධ්‍යම සහ දක්ෂිණ යන අධිවේගී මාර්ගවලද විවිධ උපාංග මෙලෙස මත්ලෝලීන් විසින් සොරකම් කර ඇති බව මේ වන විට අනාවරණ වී ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ආරක්ෂක අංශ දැනුවත් කර සහාය ලබා දෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

WhatsApp Group

Skip to content