පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කෝප් කමිටුව හමුවට කැදවූ අවස්ථාවේදී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාගේ පුත්‍රයාද ඊට සහභාගි වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා.

කෝප් කමිටුව හමුවට ඊට අදාළ නොවන පුද්ගලයින් හට පැමිණීමට නොහැකි බවත්, එවැනි පසුබිමක රංජිත් බණ්ඩාර මහතාගේ පුත්‍රයා කෝප් කමිටුවට සහභාගි වූයේ කෙසේද යන්න විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළා.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-EDIT-02-1.mp3?_=1

ඊට පිළිතුරු ලබා දුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ තමා එවැන්නක් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබදව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවටයි.

එහිදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර මෙවැනි සංවාදයක් ඇති වුණා.

https://www.vnews.lk/storage/2023/11/KATHANAYAKE-VS-SAJIT-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content