උදය ගම්මන්පිළ පසුගිය දා පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කළ හෙළිදරව් කිරීම විශාල කාළබෝම්බයක් වේ යැයි තමන් බලාපොරොත්තු වූවත් , එය කන්දක් විළිළා , මීයෙක් වැදුවා වගේ වූ බවත් , රටේ ජනතාව එම ප්‍රකාශ ගනන් ගන්නේ නැති බවත්  ප්‍රවීන රංගන ශිල්පි රන්ජන් රාමනායක මහතා 10/22 දින පෙරවරුවේ  මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටලයේ පැවති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයේ වැඩමුළුවක දී පැවසීය .

නව රජය බලයට පත් වී තවමත් මාසයක කාළයක් සම්පූර්ණ වී නොමැති මෙවන් අවස්ථාවක , රජයටත් යම් කාළයක් , අවස්ථාවක් ලබා දිය යුතු බව තම පක්ෂයේත් , තමාගේත් පෞද්ගලික අදහස බව රන්ජන් රාමනායක මහතා පැවසීය .
පසුගිය පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත් වූයේ ද “පාස්කු ප්‍රහාරය” විකුණා ගෙන බවත් , එම රජයේ අමාත්‍යවරයෙකු වූ උදය ගම්මන්පිළ , තම රජය බලයට පත් කර ගැනීමට ” ජාතික ආරක්ෂාව ” ද විකුණා ගත් බව ද අවධාරණය කළේය .
තම පක්ෂය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 09 කට පමණක් තරග කරන බවත් , ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය සදහා තරග කරන අපේක්ෂකයන් සදහා මෙම වැඩමුළුව පවත්වන බවත් පැවසීය .
 මෙම අවස්ථාවට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවි කුමුදේශ් , එම පක්ෂයේ ජාතික සංවිධායක තිලකරත්න දිල්ෂාන් , කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පැතුම් කර්නල් යන මහත්වරු ද සහභාගී වී සිටියහ .

WhatsApp Group

Skip to content