පෞරාණික බවට සැක කරනු ලබන රත්‍රන් බුදු පිළිමයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

පූනෑව, පරණ හල්මිල්ලෑව වැව ප්‍රදේශයේදී පෞරාණික බවට සැකකරනු ලබන රත්‍රන් බුදු පිළිමයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම රත්‍රන් බුදු පිළිමය අඟල් 05ක් උසැති, කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 546ක් බරැති බුදු පිළිමයක් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 සහ 32 යන වයස්වල පසුවන වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content