අද පෙරවරුවේ  රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී පුද්ගලයින් පිරිසකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා .

එම ඇසිඩ් ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සදහන් .

රිය අනතුරක් සම්බන්ධ නඩුවක් සඳහා පැමිණෙමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර එම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබෙනවා .

ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ පසුගිය වසරේ සිංහල අලුත් අවුරුදු දා රත්නපුර සමන් දේවාලය අසල සිදු වූ මාරක රිය අනතුරේ ප්‍රධාන සැකකරු බවයි  වාර්තාවන්නේ

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අදාළ රිය අනතුරෙන් මියගිය තරුණයාගේ පියා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන  ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ .

WhatsApp Group

Skip to content