ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ හා අද (30) අලුයම රත්නපුර දිස්ත්‍රික්කයට විශේෂයෙන් කළු ගඟ ආශ්‍රිත සමනල අඩවිය ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැලුණු සහ මේ වන විටත් කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුරට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතී.

අද පෙරවරු 9.10 වන විට, රත්නපුර නගර ආසන්නයේ කළු ගගේ මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව කළු ගඟේ ජල මට්ටම මීටර් 06.45 ක් වේ. ඒ අනුව එය සුළු ගංවතුර තත්ත්වයක් ලෙස සලකන මීටර් 7.5 ට ආසන්න මට්ටමකි.

මේ වන විටත් කඩින් කඩ, ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව ලැබෙමින් පවතින බැවින් කළු ගඟේ සහ එහි අතු ගංගාවල ජල මට්ටම තව දුරටත් ඉහළ යාමේ අවධානමක් පවතී.

එබැවින් මේ පිළිබඳ කළු ගඟ සහ කළු ගඟේ අතු ගංගා අවට මෙන්ම පහත් බිම්වල පදිංචිව සිටින පිරිස් දැඩි අවධානයෙන් සිටින මෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

WhatsApp Group

Skip to content