උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හයක් අද අලුයම විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසනවා .

ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් සදහා මෙලෙස උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු විවෘත කල අතර ජනතාවට අවධානයෙන් පසුවන් ලෙසටයි දැනුම් දෙන්නේ.

නමුත් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව හරහා ගමන් කිරීමට මින් බලපෑමක් ඇති නොවන බවද උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කලා.

WhatsApp Group

Skip to content