තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත් වී තිබේ.

ශ්‍රී ලංකා නියෝජනය ලෙස කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත.

ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසද ක්‍රියාත්මක වන ලෝක ශූරතා බර ඉසිලීමේ ශූරතා තරගාවලිය මේ දිනවල තායිලන්තයේ දී පැවැත්වේ.

WhatsApp Group

Skip to content