රට යළි ආර්ථික අර්බුදයකට ඇද දැමීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව පවතින්නේ එවැනි පාර්ශවයන්ට පමණක් බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

රටේ ආර්ථිකය පිළිබද සුබවාදී අරමුණක් රජයට පැවතිය ද විපක්ෂයේ කණ්ඩායම් වලට ඇත්තේ දේශපාලන අරමුණක් පමණක් බවයි ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content