රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හිටපු මහ බැංක අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි කැඳවා තිබෙනවා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා දුන් ප්‍රකාශය පිළිබඳ අද (06) දිනයේ කාරක සභාවේ සාමාජිකයන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි එම විශේෂ කාරක සභාවේ ස භාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කියා සිටියේ.

කබ්රාල් මහතා පසුගියදා කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබුණේ රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම කුමන්ත්‍රණයක් බවයි.

කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේ රට බංකොළොත්වීම සම්බන්ධයෙන් ඔහු විසින් සකස් කරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඉදිරියේදී විගණකාධිපතිවරයාද විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇති බවයි.

WhatsApp Group

Skip to content