රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව වෙනුවට විපක්ෂය විසින් විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ, රට බංකොලොත්භාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදා ගත් කූට උපායමාර්ගයක් බවයි.

ආණ්ඩුව විසින් යෝජනා කොට ඇති තේරීම් කාරක සභාවේ සංයුතියත් එහි සභාපති ධුරයට රට බංකොලොත්භාවට පත්වන විට බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා පත්කිරීමත් පිළිබඳත් විමසා බලන විට, ආණ්ඩුවේ නිරුවත පැහැදිලි වන බවයි විපක්ෂනායකවරයා අවධාරණය කළේ.

එම නිසා එවන් තේරීම් කාරක සභාවක කටයුතු කිරීම කාලය කා දැමීමක් බැවින් සමගි ජන බලවේගය එම තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට තීරණය කර තිබුණා.

WhatsApp Group

Skip to content