රට බංකොලොත් භාවයට පත්කළ ආර්ථික අපරාධකරුවන්ට දඩුවම් ලබා දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹ අද පැවති සමගි ජන බල සන්ධානය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගය ප්‍රමුඛව ගොඩනැගුණු නව සන්ධානයට අදාළව දේශපාලන පක්ෂ 06ක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ගිවිසුම් ගතවුණා.

 

WhatsApp Group

Skip to content