රට බංකොලොත්භාවයට පත්කළ පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට වන මහජන පෙත්සමක් අත්සන් තැබීම අද සිදු කෙරුණා.

ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ කොටුවේදී අදාළ මහජන පෙත්සම අත්සන් තැබීම ආරම්භ කළ අතර ඒ සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ද එක්ව සිටියා.

රට බංකොලොත් කිරීමට වගකිව යුතු බවට අධිකරණය මගින් තීන්දු කළ පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවයි ඔවුන් සදහන් කළේ.

මේ එම අවස්ථාවට එක්වෙමින් අදහස් පලකළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා.

https://www.vnews.lk/storage/2023/11/MUJUBAR-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content