රට ගොඩනැඟීමට නම් පැරැණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට විරැකියාව ඇති වුණේ පැරැණි ආර්ථික ක්‍රමය නිසා බවත්, එම නිසා අලුත් ආර්ථික ක්‍රමයක් ඇති කිරීම තුළින් නව රැකියා අවස්ථා බිහි කරගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඉරණමඩු නෙළුම් පියස ශාලාවේ පසුගියදා සංවිධානය කර තිබූ කිළිනොච්චිය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමිනි.

මෙහිදී කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණි.

WhatsApp Group

Skip to content