ආර්ථික අර්බුධයෙන් රට ගොඩනැගීම වෙනුවෙන් එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

වසර 25කින් සංවර්ධිත රටක් ගොඩනැගීම සදහා සියලු දෙනා එක්ව කටයුතු කළ බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

තමන් ජනාධිපතිධුරයේ වගකීම භාරගනු ලැබුවේ රටේ ආර්ථිකය ගොඩනගමින් ශ්‍රී ලංකාව ලෝකයේ පිළිගත් රටක් ලෙස ඉදිරියට ගෙනයාමේ දැඩි අධිෂ්ඨානය ඇති බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

කුමන බාධක පැමිණියද එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content