රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන්.

මෙලෙස බදු නිදහස් කිරීම අදාල වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා පමණක් බව ජනාධිපති කාර්යාලය සදහන් කළා.

WhatsApp Group

Skip to content