රට බංකොලොත්භාවයට පත්වීමේ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට සියලු විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යා අධ්‍යන අංශවල ප්‍රධානින් අද කැඳවා තිබෙනවා.

කාරක සභාවේ කටයුතු සදහා මාර්ග සිතියමක් සකසා ගැනීම හා ඊට උපදෙස් ලබා ගැනීම එහි අරමුණ බවයි එහි සභාපති සාගර කාරියවසම් මහතා පැවසුවේ.

රට බංකොලොත්භාවයට පත්විමේ හේතු සෙවීම සදහා එම පාර්ලිමේන්තු කාරක සභාව පත් කෙරුණේ පසුගිය 6 වන දායි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කාරක සභාවට පොදු ජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පත් කර තිබෙනවා.

එමෙන්ම විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් 5 දෙනෙකු ඊට පත් කළ ද ඔවුන් එම කාරක සභාවට සහභාගි වූයේ නැහැ.

 

WhatsApp Group

Skip to content