මෙරට ආර්ථික තත්වය නගා සිටුවීම සඳහා රජය ගෙන එන ආර්ථික පරිවර්තන පනතට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටිනවා.
ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ලබන වසර වන විට මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3ක් දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එසේ සිදුවුවහොත් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම පිළිබඳවද සාකච්චා කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.
ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ පැවති සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ රට තුල මුදල් මුද්‍රණය නොකරන බවට IMF සංවිධානය සහ මෙරටට නය ලබාදෙන රටවල් සමහ කොන්දේසියකට පැමිණ ඇති බවයි.

WhatsApp Group

Skip to content