වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 200්‍ %කින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇති බවත් 2024 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති ඉලක්කය මෙම වසර අවසානය වන විට තෙගුණ කළ හැකි බවත්ල ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ආයෝජන රට තුළට පැමිණීමට නම් රටේ දේශපාලන ස්ථාවරභාවයල මූල්‍ය ස්ථාවරභාවය මෙන්ම අනාගතය පිළිබඳ නිශ්චිතතාවයත් පැවතිය යුතු බවත්ල මේ වන විට රටට ආයෝජන පැමිණෙමින් ඇති බැවින් එම ස්ථාවරත්වය රට තුළ තිබෙන බව තහවුරු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර සිටියේිස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද :10* ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content